බේබදු ටෙස්ට් එක කරන්න පොලිසියට අලුත් බැලුම් කට්ටල 75,000ක්
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් මහතා පැවසුවේ, නව ශ්වසන පරීක්ෂණ (breathalyzer) කට්ටල 75,000ක් පොලිසියට ලැබී ඇති බවත්, ඒවා දැනට රට පුරා සියලුම පොලිස් ස්ථානවලට බෙදාහැරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවත්ය.
මෙම නව තොගය ලැබීමෙන් පැවති කට්ටල හිඟය විසඳෙන අතර, මාර්ගවල සිදුකරන මත්පැන් පරීක්ෂණ කටයුතුවලට බාධා එල්ල වීම අවම කෙරෙනු ඇත. බෙදාහැරීම ඉක්මනින් අවසන් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.
පවතින නීතිරීති යටතේ ශ්වසන පරීක්ෂණ උපකරණ නොමැති කාලවලදී පවා පොලිසිය විකල්ප ක්‍රියාපටිපාටි අනුගමනය කරමින් නීතිය ක්‍රියාත්මක කළ බවත්, එවැනි අවස්ථාවලදී සැකකරුවන් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත යොමු කර ලබාගන්නා වෛද්‍ය වාර්තාව සාක්ෂි ලෙස භාවිතා කළ හැකි බවත් ඔහු පැහැදිලි කළේය.
මෙම පියවරෙන් මත්පැන් රිය පැදවීම මර්දනය තවදුරටත් ඵයෙතිමත් වන අතර, මාර්ග ආරක්ෂාව ඉහළ නැංවීමට දායක වනු ඇත. රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ නීතියට ගරු කරමින් වගකීම් සහිතව රිය පැදවීමටය.