මගීන්ගෙන් වැඩිපුර මුදල් ගන්න අයට හොදටම වැඩ වරදින ලකුණු

Report

මගී ප්‍රවාහන බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් නියමිත ගාස්තුවට වඩා වැඩිපුර මුදල් අය කරන බස් රථ හිමියන්ට, රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොලීසිය දැනුම් දී තිබේ.

ඒ, පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික බස් රථවල මගීන්ගෙන් නියමිත ගාස්තුවට වඩා වැඩිපුර ගාස්තු අය කරන බවට ලැබී ඇති මහජන පැමිණිලි සැලකිල්ලට ගනිමිනි.

ශ්‍රී ලංකා පොලීසිය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඒකාබද්ධව සිදුකළ පරීක්ෂණවලදී ද මෙලෙස වැඩිපුර ගාස්තු අය කරන බව තහවුරු වී ඇත.

පොලීසිය පැවසුවේ කිසිදු බස් රථ හිමිකරුවෙකුට, රියදුරෙකුට හෝ කොන්දොස්තරවරයෙකුට බලපත්‍රයේ සඳහන් නියමිත ගාස්තුවට වඩා වැඩි මුදලක් ඉල්ලීමට හෝ ලබාගැනීමට අවසර නොමැති බවයි.

ලෝක මැලේරියා දිනය අදයි

ලෝක මැලේරියා දිනය අදයි

ඒවගේම දණ්ඩ නීති සංග්‍රහය අනුව මෙවැනි වරදක් කරන පුද්ගලයින්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරිය හැකි බව පොලීසිය සදහන් කර තිබේ.

 ඒ අනුව නියමිත ගාස්තුවට වඩා වැඩිපුර මුදල් අය කරන බස් රථ සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක එම මුදල් නොගෙවන ලෙස පොලීසිය මගීන්ගෙන් ඉල්ලා තිබේ .

ඒ ඒවගේම පොලීසිය දැනුම් දෙන්නේ එවැනි බස් රථ පිළිබඳව වහාම ක්‍රියාත්මක වන පරිදි 118 හෝ 119 දුරකථන අංක හරහා පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි .

පිය පුතු ආරවුල දුරදිග ගිහින් පියා මරුට

පිය පුතු ආරවුල දුරදිග ගිහින් පියා මරුට