මාලිමා මන්ත්‍රී ශාන්තගේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාට වැඩ වරදී
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළ පොලිස් කොස්තාපල්වරයා ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
ඒ සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයකටය.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.