කෙහෙල්බද්දර පද්මේ පිළිබඳ විශේෂ වාර්තාවක් - පොලීසිය අධිකරණය හමුවට

By Shehan Sep 19, 2025 11:07 AM GMT
Report

පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාවක් අද (19) පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා හමුවේ මෙම වාර්තාව ඉදිරිපත් වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම වාර්තාව මගින් අධිකරණයට සඳහන් කළේ, අදාළ සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදුකරන බවයි.

පානදුරේ නිලංගගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බලන්න දින දෙයි

පානදුරේ නිලංගගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බලන්න දින දෙයි

එසේම, ගණේමුල්ල සංජීව ඝාතනයට මෙම සැකකරු සම්බන්ධ දැයි වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා. මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටින්නේ, රඳවාගෙන සිටින සැකකරු මහේස්ත්‍රාත්වරයෙකු විසින් නිරීක්ෂණය කර තිබේ දැයි පොලිසියෙන්.

ඊට පිළිතුරු දෙමින් විමර්ශන නිලධාරීන් පැවසුවේ, කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම සැකකරු නිරීක්ෂණයට ලක් කර තිබෙන බවයි.

ඒ අනුව, මෙම සැකකරු සම්බන්ධ ඉදිරි විමර්ශන සිදුකර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියෝග කළා. 

ඒගොල්ලො හිතාගෙන හිටියේ මේ දේශපාලනය කරන්නේ හිඟන්නෝ කියලද දන්නෑ මනුවර්ණට මරුවා ආවේස වෙයි

ඒගොල්ලො හිතාගෙන හිටියේ මේ දේශපාලනය කරන්නේ හිඟන්නෝ කියලද දන්නෑ මනුවර්ණට මරුවා ආවේස වෙයි

මොන වගේ තිරිසනෙක්ද? ගෑණු ළමයෙක් ඉපදුණු නිසා පණපිටින් වලදාලා

මොන වගේ තිරිසනෙක්ද? ගෑණු ළමයෙක් ඉපදුණු නිසා පණපිටින් වලදාලා