සියලුම ඉන්ධන පිරවුම්හල්වලට පොලිසිය

Report

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් එක්දහස් තුන්සීයක් පමණ පවතින අතර දිවයින පුරාම ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂාව සඳහා සුදුසු පරිදි පොලිස් නිලධාරින් යොදවන ලෙසට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලුම පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ලිඛිතව නියෝග කර ඇත.

බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල විසින් වැඩ බලන පොලිස්පතිවරයාගෙන් කර ඇති ඉල්ලීම මත මෙම නියෝගය සිදුකර ඇත.

"මම සැමියා එක්ක එළියට යන්නෙ නෑ, Instagram ෆොටෝ දාන්නේ නෑ කියලා විවාහය ඉවරද?" - මිෂෙල්ට මල පනී

"මම සැමියා එක්ක එළියට යන්නෙ නෑ, Instagram ෆොටෝ දාන්නේ නෑ කියලා විවාහය ඉවරද?" - මිෂෙල්ට මල පනී

මේ වනවිට දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ගැටලුකාරි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් මහජනතාවට බූලිවලට සහ කෑන්වලට ඉන්ධන නිකුත් නොකරන ලෙසට දැනුම් දී ඇති බවත් මේ හේතුවෙන් මහජන සාමය ආරක්ෂා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බවත් බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා අදාළ ලිපිය මගින් තවදුරටත් අවධාරණය කර ඇත.

මේ අනුව සෑම ඉන්ධන පිරවුම්හලකටම එක් පොලිස් නිලධාරියකු බැගින් අනියුක්ත කරන ලෙසට එමගින් ඉල්ලා ඇත.

රටවල් 12කට ඇමෙරිකාව කරන්න යන දේ

රටවල් 12කට ඇමෙරිකාව කරන්න යන දේ

අදාළ ලිපිය ට ප්‍රතිචාර දක්වමින් වැඩ බලන පොලිස්පතිවරයා විසින් ඒ සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට සියලුම පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට නියෝග කර ඇති අතර එම නිලධාරීන් විසින් මේ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමේ උපදේශය සියලුම කොට්ඨාස බාර නිලධාරින් වෙත සිදුකර ඇත.

අනුරට ලැබුණේ මල් නෙවෙයි බෝම්බ ඒ නිසා එහෙම කියන්න එපා - ආණ්ඩුවට කඩේ යන ඩඩ්ලි

අනුරට ලැබුණේ මල් නෙවෙයි බෝම්බ ඒ නිසා එහෙම කියන්න එපා - ආණ්ඩුවට කඩේ යන ඩඩ්ලි

හඳුන්නෙත්ති නෙමෙයි යවන්න තිබුණේ ලක්මාලිව.. - බුකියේ කැලඹුණු Economic Forum

හඳුන්නෙත්ති නෙමෙයි යවන්න තිබුණේ ලක්මාලිව.. - බුකියේ කැලඹුණු Economic Forum