පාසල් සිසුවියන්ට ලිංගික අතවර කළ විදුහල්පති..

Sri Lanka Police Sri Lanka
By krishani May 04, 2023 03:14 AM GMT
krishani

krishani

Report

ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රධාන පෙළේ පාසලක ශිෂ්‍යාවන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ විදුහල්පතිවරයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අදාළ ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් පොලිසිය වෙත සිදු කළ පැමිණිල්ලක් මතයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 51ක් වන පුද්ගලයෙක් ය.

ඔහුට එරෙහිව මීට පෙර ද පාසල් සංවර්ධන සමිතිය සහ දෙමාපියන් එක්ව කලාප අධ්‍යාපන කාර්‍යාලයට පැමිණිලි කර තිබෙනවා.

මේ අතර කලාප අධ්‍යාපන කාර්‍යාලය මඟින් ද පරීක්ෂණයක් සිදු කරන බවට වාර්තා වේ.

කෙසේවෙතත්, අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා ඊයේ (03) අධිකරණයට ඉදිරිපත් කෙරිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha