නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වූ පොලිස් නිලධාරින් 04ක් අත්අඩංගුවට...

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Aruna Sep 18, 2024 03:53 AM GMT
Aruna

Aruna

Report

 නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී නිවැසියන් බිය ගන්වා මුදල් සොරාගත් පොලිස් නිලධාරින් 04ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම නිලධාරීන් ඇතුල් වී ඇත්තේ මුට්වාල් ප්‍රදේශයේ නිවසකටය.

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අද කරන්න යන දේ මෙන්න..

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අද කරන්න යන දේ මෙන්න..


එම නිවසේ නිවැඩියන් බියගන්වා මෙම නිලධාරීන් රුපියල් ලක්ෂ 14ක් සොරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බ්ලූමැන්ඩල් පොලිසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරුන් තිදෙනෙකු සහ සැරයන්වරයෙක් බවයි.