කරුපයියා ගේ දියණිය STF අත්අඩංගුවට..

Police Colombo Ajithi Rohana Police nakotin
By Aruna Jun 13, 2021 04:18 AM GMT
Report

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (12) මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ ඇය 41ක් හැවිරිදි කරුපයියා නිර්මලා ලෙස හඳුනාගෙන ඇති බවය.

මෙරට අපරාධ රැසක් සිදුකිරීමෙන් අනතුරුව ඉන්දියාවට පළාගිය කරුපයියා බාලන් හෙවත් තෙල් බාලා නැමැත්තාගේ දියණිය බවට ද ඇයව හඳුනාගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

සැකකාරිය මේ වනවිට කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now