පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ණයටත් කාලා..

Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගෙන් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන්ත්‍රී දීමනාව ගෙවීම ප්‍රමාද කිරීමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මොකක්ද මේ එකම විකල්පයක් ගැන සජිත් කියන කතාව ..?

මොකක්ද මේ එකම විකල්පයක් ගැන සජිත් කියන කතාව ..?

පාර්ලිමේන්තුව පසුගිය 24 වැනිදා විසුරුවා හැරි හෙයින් එදින දක්වා ගණනය කර මන්ත්‍රී දීමනාව ගෙවීමට කටයුතු කෙරෙන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.

මීට පෙර එවැනි හිඟ බිල්පත් ඉදිරි මාසවලින් හෝ පියවා ගැනීමට හැකියාව තිබූ හෙයින් මාසික දීමනාව ගෙවීම ප්‍රමාදයකින් තොරව කළ බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.

හෙල්මට් සහ යකඩ ඉන්නකින් පහර දී අමානුෂික ලෙස 17 හැවිරිදි තරුණයෙක් ඝාතනය කරයි..

හෙල්මට් සහ යකඩ ඉන්නකින් පහර දී අමානුෂික ලෙස 17 හැවිරිදි තරුණයෙක් ඝාතනය කරයි..

මෙය මන්ත්‍රීවරුන්ගේ අවසාන දීමනාව හෙයින් එම හිඟ මුදල් සම්පූර්ණයෙන්ම කපා ගැනීම අවශ්‍යවී ඇතැයිද ඔහු සඳහන් කළේය.

පසුගිය මාසයේ දීමනාව ප්‍රමාදවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයෙන් දැනටමත් විමසීම් කර ඇත. සාමාන්‍යයෙන් මන්ත්‍රී දීමනාව මීට පෙර සෑම මසකම 27 වැනිදා වනවිට ගෙවා අවසන් කර තිබිණ.