කෝටි 500ක චෝදනාවකට හිටපු ඇමතිවරයෙක් අත්අඩංගුවට?

Bribery Commission Sri Lanka Law and Order Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 26, 2025 09:39 AM GMT
Hashini

Hashini

Report

පසුගිය රජයේ හිටපු අමාත්‍යවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) ආරංචි මාර්ග වලට අනුව, රුපියල් කෝටි පන්සීයකට අධික මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

CIABOC වෙත ලැබී තිබූ පැමිණිලි සම්බන්ධයෙන් සිදුකල විමර්ශනවලින් අනතුරුව, අදාළ අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පර්චස් 204ක ඉඩම මහනුවර පිළිකා රෝහලට පරිත්‍යාග කළ රෆීක් හාජී මහතා අභාවප්‍රාප්ත විය

පර්චස් 204ක ඉඩම මහනුවර පිළිකා රෝහලට පරිත්‍යාග කළ රෆීක් හාජී මහතා අභාවප්‍රාප්ත විය

එම හිටපු අමාත්‍යවරයාට එරෙහිව බරපතළ චෝදනා කිහිපයක් එල්ල වී තිබෙනවා.

ඒවා අතර, විවිධ ව්‍යාපෘති සඳහා යැයි පවසමින් රජයේ මුදල් අවභාවිත කිරීම, අදාළ ආයතනයෙන් ලබාදෙන විවිධ රැකියා කෝටා සඳහා ව්‍යාපාරිකයන්ගෙන් නීති විරෝධී ලෙස මුදල් ලබා ගැනීම සහ අමාත්‍යාංශයෙන් විවිධ වෘත්තිකයන්ට ලබා දුන් වරප්‍රසාදයක් ලබාදීම සඳහා අල්ලස් ලබා ගැනීම ආදිය ප්‍රධාන වනවා.  

විදුලබල මණ්ඩලයෙන් සේවකයක් ගැන ප්‍රකාශයක්

විදුලබල මණ්ඩලයෙන් සේවකයක් ගැන ප්‍රකාශයක්

ReeCha