පියුමි හංසමාලි ඇමතූ ඇමති සරත් වීරසේකරයි..- විස්තරේ මෙන්න…
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලී ඇතුළු පිරිස නිරෝධායනය සඳහා නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන යමින් සිටි දී තමන්ට දුරකථන ඇමතුමක් ලබා දුන් බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.
ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ නිරෝධායනය සඳහා ගෙන යමින් සිටි කණ්ඩායමට අවශ්‍ය අමතර ඇඳුම් පැළඳුම් ආදිය රැගෙන යාමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඇය විසින් ලබා දුන් ඇමතුමේදී ඉල්ලීම කරන ලද බවයි. ඉන් පසු චන්දිමාල් ජයසිංහද දුරකතනය මගින් අමතමින් එම ඉල්ලීමම කල බවත් නිවේදනයේ සඳහන් වෙයි.
එම ඉල්ලීම් අනුව එම බස් රථය තලංගම පොලිසියේ රඳවා සිටියදී ඔවුන්ගේ නිවෙස් වලින් අවශ්‍ය ඇඳුම් ඇතුළු ද්‍රව්‍ය ගෙන දීමට අවස්ථාවක් සලසා දුන් බව ද අදාළ නිවේදනයේ සඳහන්ය.
කෙසේ වෙතත් මෙම බස් රථය ආපසු හරවනු ලෙස හෝ නිරෝධායනය ලක් විය යුතු පිරිස එසේ නොකරන ලෙස අමාත්‍යවරයා විසින් කිසිදු උපදෙසක් ලබා නොදුන් බව ද එම නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
