උපන්දින සාදයට ගිය තවත් 6ක් අත්අඩංගුවට..

Chandimal Arrested Police Ajithi Rohana Piyumi Hansamali
By Aruna Jun 04, 2021 06:30 AM GMT
Aruna

Aruna

Report

 රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සංවිධානය කළ උපන්දින සාදයට සහභාගී වූ තවත් 6 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු වන බවය.

ඔවුන් අද දිනයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

දැනට ලැබී ඇති තොරතුරු අනුව තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් නිරෝධායන කටයුතු අදාළ ප්‍රදේශය භාර සෞඛ්‍ය නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව මේ වනවිට එම ගණන 21ක් දක්වා ඉහළගොස් තිබේ.

පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කොළඹ තරු පහේ හෝටලයක දී නිරෝධායන රීතින් උල්ලංඝනය කරමින් එම උපන්දින සාදය පවත්වා තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now