Pink WhatsApp මෙතරම් අනතුරුදායකයි ද?

virus platform pink WhatsApp malware trojan
By Sewvandhi May 05, 2021 04:10 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අන්තර්ජාල සංනිවේදන මාධ්‍ය තුළ "ඇප්" කලාව ලොව පුරා ජාලගත වීම, මිනිස් ක්‍රියාකාරකම් පහසු කරවීමේ ප්‍රබලම මාධ්‍ය බවට මේ වන විට පත්ව ඇත.

එවැනි ඇප් පිවිසුම් අතර, "WhatsApp" අන්තර්ජාල පහසුකම ලොව පුරා සංනිවේදකයින්ගේ ජනප්‍රියම මාධ්‍ය වී ඇත.

මාධ්‍ය ජාලා සටහන් :- අපිට හුරු පුරුදු WhatsApp ලාංඡනය සහ ලා කොළ පැහැති තේමා වර්ණයෙන් පරිබාහිරව, රෝස පැහැ ලාංඡනයක් සහිත (Pink WhatsApp) සබැඳියක් පසුගියදා අන්තර්ජාලයේ සංසරණය වුණා.

Fact Check (තොරතුරු විමර්ශනය) මෙම දෙයාකාරයක වර්ණයෙන් යුතු ලාංඡනය සහිත "WhatsApp ගිණුම" කුමක්ද යන්න පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC) ට්විටර් ගිණුමේ පැහැදිලි කර තිබුණේ මේ ආකාරයටයි.

"...WhatsApp Pink නමින් වූ (Virus) සබැඳිය බාගත කිරීමෙන් හෝ ක්ලික් කිරීමෙන් වළකින්න. මෙය ට්‍රෝජන් (Trojan) අනිෂ්ට (Malware) මෘදුකාංගයක් වන අතර, එය ඔබගේ දුරකතනයෙන් අනෙකුත් පුද්ගලයින්හට ස්වංක්‍රීයව පණිවිඩ යැවීමට ඉඩ සලසයි..."

"...එසේම වෙනත් වේදිකා (Platform) හරහා පවා එය WhatsApp තේමාවක් ලෙසද බෙදා හැරේ.

මේ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කාර්‍යාලය විමසූ අතර, ඔවුන්ගේ ට්විටර් ගිණුමේ සඳහන් තොරතුරු තහවුරු කළේය.

එසේ Pink WhatsApp සබැඳිය විවෘත කිරීමෙන් සිය පෞද්ගලික තොරතුරු පවා අනවශ්‍ය පුද්ගලයින් සතුවීමට ඉඩ ඇති බවත්, පෞද්ගලික ඩේටා පැහැර ගැනීමකට ලක්විය හැකි බවද තව දුරටත් සඳහන් කළේය.

Conclusion (අවසන් නිගමනය) ඒ අනුව කිව හැක්කේ Pink WhatsApp නමින් වූ සබැඳිය ව්‍යාජ එකක් බවත්, දැනුවත්ව හෝ නොදැනුවත්ව, අන්තර්ජාලය හරහා ලැබෙන එවැනි සබැඳි හා පණිවිඩ වෙත පිවිසීමෙන් ග්‍රාහකයන්ගේ ජංගම දුරකථනයේ හෝ පරිගණකයේ ඇතුළත් වටිනා පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශවයන් අතරට පත්වීමට ඉඩ ඇති බවත් එමඟින් වෙනත් අපරාධ හා සමාජ විරෝධී ක්‍රියාවන්වලට ඔහුට හසුවීමට සිදුවන බවත් ය.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now