හිරේ ඉන්න පෙම්වතා බලන්න තේ සහ සැන්ඩ්විච් අරන් ආපු පෙම්වතිය අත්අඩංගුවට - මෙන්න හේතුව

Report

පිළියන්දල පොලිසිය පවසන්නේ සිර මැදිරියේ රඳවා සිටි 24 හැවිරිදි තරුණයෙකුට මත්ද්‍රව‍්‍ය මුසුකර කිරිතේ ලබාදීමට උත්සාහ කළ 22 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගත් බවයි.

එම සැකකාරිය විසින් රැගෙන එන ලද සැන්විචය තුළ සූක්‍ෂම ලෙස බහාතිබූ මත් කරලක්ද පොලිසිය මගින් සොයාගෙන තිබේ.

ඊයේ (22) දහවල් පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණයා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන තෙක් පොලිස් සිරිමැදියේ රඳවා සිටියදී ඔහුගේ පෙම්වතිය බව කියන සැකකාර තරුණිය තරුණයා බැලීම සඳහා පැමිණ ඇත.

රට ඉදන් ආපු සැමියා කරපු දෙයින් කටුනායක ගුවන්තොටුපළම හොල්මන් - පවුලම හඩා වැටෙයි

රට ඉදන් ආපු සැමියා කරපු දෙයින් කටුනායක ගුවන්තොටුපළම හොල්මන් - පවුලම හඩා වැටෙයි

තරුණයා සමග මඳ වේලා කතාබස් කර පොලිස් නිලධාරීන්ගේ අවසරය පරිදි තේ එකක් රැගෙන පිටව ගොස් මඳ වේලාවකදී කුඩා ඉටි බෑගයකින් බටයක් සහිත කිරිතේ එකක්ද , සැන්විච් ද රැගෙන පොලිසියට පැමිණීමේදී ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සැකකාරිය රැගෙන ලද කිරිතේ සහ සැන්විච් පරික්ෂා කිරීමේදී මත්ද්‍රව‍්‍ය අඩංගු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

සිම් කාඩ්පත් අක්‍රිය වෙන්නයි යන්නේ - දැන්ම මේ තොරතුරු ලබාදෙන්න

සිම් කාඩ්පත් අක්‍රිය වෙන්නයි යන්නේ - දැන්ම මේ තොරතුරු ලබාදෙන්න