සෙව්වන්දි නිසා PickMe එකත් ලොකු අමාරුවක - අධිකරණයෙනුත් නියෝග
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් පික් මී සේවා ආයතනයට ගණේමුල්ල සංජීව ඝාතනයේදී සෙව්වන්දි පලාගිය කුලී රථ පිළිබඳ වාර්තාවක් CCDයට දෙන්නැයි නියෝග කර ඇත.
ඒ අනුව සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ ගණේමුල්ල සංජීව නමැත්තා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය එම ඝාතනයෙන් පසුව පලා යාමට යොදාගත් පික් මී (PickMe) ආයතනයට අයත් රථ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවක් කොළඹ අපරාධ කොට්ඨාසයට (CCD) ලබා දෙන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා එම ආයතනයේ බලධාරීන්ට ඉකුත් ඔක්තෝබර් 29 දින නියෝග කර තිබෙනවා.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය දී ඇත්තේ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය මෙම ඝාතනය සිදු කර පලා යාමට පික් මී ආයතනයට අයත් ත්‍රිරෝද රථ ඇතුළු වෙනත් රථ වර්ග කිහිපයක් භාවිත කර ඇති බවට තොරතුරු හෙළිව ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) මඟින් අධිකරණයට කරන ලද දැනුම් දීමෙන් අනතුරුවයි.
ඒ අනුව මෙම රථ කුලී පදනමින් වෙන්කර ගෙන ඇත්තේ කවුරුන් විසින්ද, එම රථවල අංක මොනවාද, එම රථ ධාවනය කර ඇත්තේ කවුරුන්ද යන තොරතුරු අදාළ වාර්තාවේ අන්තර්ගත කරන මෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ආයතනය වෙත මෙසේ නියෝග කර තිබෙනවා.
අඳාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සිදුකරන විමර්ශන කටයුතුවලට මෙම තොරතුරු අත්‍යවශ්‍යව ඇති නිසා මෙම ඉල්ලීම කරන බවට නියෝග ඉල්ලූ පොලීසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට පවසා සිටියා.
තවද එම සිද්ධියට අදාළ සැකකරුවන් පිරිසක් දැනටමත් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කරමින් පවතින බවත්, ඔවුන්ගෙන් අනාවරණය වූ කරුණු මත මෙම නියෝගය ඉල්ලන බවත් පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.
එහිදී වැඩිදුරටත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අතරින් කීපදෙනෙකු පොලීසිය භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බවත් සහ තවත් පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවයි.
 
                 
                     
                                             
         
     
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        