ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ටී56 වර්ගයේ ගිනිඅවියක් සහ පතරොම් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර වෙත ලැබුණු තොරතුරක් මත, අම්පාර ඇල්පිටිය, සාදමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය සඳහන් කළේ, සැකකරුවාගෙන් සොයාගත් දේ අතර ටී56 වර්ගයේ ගිනිඅවියක්, මැගසින් 2ක් සහ පතරොම් 45ක් ඇතුළත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවා 64 හැවිරිදි සාදමුල්ල ප්‍රදේශයේ පදිංචිකරු ලෙස හඳුනාගෙන ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකුගේ සමීපතමයෙක් බවත්, අදාළ ගිනිඅවි භාවිතා කර මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදු කිරීමට සූදානම්ව සිටින බවදයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බටපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතියි.