බස්නාහිර පළාතට සහනදායී ණය පහසුකමක්

Report

බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, වාර්ෂික 3% ක අතිශයින් අඩු පොලී අනුපාතයකට සහනදායී ණය පහසුකම් ලබාදීමට මහජන බැංකුව සහ බස්නාහිර පළාත් සභාව අතර විධිමත් ගිවිසුමක් අත්සන් කෙරුණි.

අද (15) උදෑසන බත්තරමුල්ල පිහිටි බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති මෙම අත්සන් කිරීමේ උත්සවයට බස්නාහිර පළාත් ආණ්ඩුකාර එච්. එම්. හනීෆ් යූසුෆ්, පළාත් ප්‍රධාන ලේකම් කේ. ජී. පී. පුෂ්පකුමාර, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) සේනක පී. සිල්වා ඇතුළු පළාත් උසස් නිලධාරීන් සහ මහජන බැංකුව නියෝජනය කරමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය) වික්‍රම නාරායන සහ සහකාර සාමාන්‍යාධිකාරී (සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය) නලිකා ලියනගේ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

මෙම ණය වැඩසටහන මගින් බස්නාහිර පළාතේ කුඩා හා ක්ෂුද්‍ර ව්‍යවසායකයන්ට ඔවුන්ගේ ව්‍යාපාර ආරම්භ කිරීමට, පුළුල් කිරීමට හෝ නවීකරණයට අවශ්‍ය මූල්‍ය ආධාර ඉතා පහසුවෙන් හිමිකර ගැනීමේ අවස්ථාව උදාවන බව බලධාරීන් සඳහන් කරයි. 

දෙපාර්තුමේන්තුවේ උප්පැන්න හා විවාහ සහතික වතුරේ ගිහින් - සේරම විනාසයි

දෙපාර්තුමේන්තුවේ උප්පැන්න හා විවාහ සහතික වතුරේ ගිහින් - සේරම විනාසයි