ගැටුම් හේතුවෙන් තායිලන්තය ලාඕසයේ ඉන්ධන සැපයුම් මාර්ගය අවහිර කරයි

Report

කාම්බෝජය සමග දේශසීමා ගැටුම් උත්සන්න වීමත් සමග තායිලන්තය ලාඕසයේ ඉන්ධන සැපයුම් මාර්ගය අවහිර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ.

ඒ අනුව ලාඕසයේ දේශසීමා මුරපොලක් හරහා ගමන් කරන ඉන්ධන නැව්ගත කිරීම් කාම්බෝජයට හරවා යවනු ඇති යන බිය නිසා ඒවා අවහිර කළ බව තායිලන්ත හමුදාව සදහන් කරයි.

ඒ වගේම තායිලන්තය කිලෝමීටර් 817ක් පුරා විහිදී ඇති දේශසීමාව දිගේ ස්ථාන කිහිපයකදී කාම්බෝජ හමුදාව සමග ගැටුම් පසුගිය දිනවල ඇති කර ගත් බව එරට මාධ්‍ය සදහන් කරන ලදි.

තවද ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සටන් විරාමයක් සඳහා යන ලෙස ඉල්ලීම් කළ ද එම උත්සාහයන් ද නොතකා සටන් තවදුරටත් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

හොලිවුඩ් අධ්‍යක්ෂක රොබ් රේනර් සහ බිරිඳ අභිරහස් ලෙස මරුට

හොලිවුඩ් අධ්‍යක්ෂක රොබ් රේනර් සහ බිරිඳ අභිරහස් ලෙස මරුට

මේ අතර මැලේසියා විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ දෙපාර්ශ්වයේම ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවන අග්නිදිග ආසියානු විදේශ අමාත්‍යවරුන්ගේ විශේෂ රැස්වීම හෙට(15) පැවැත්වීමට නියමිතව තිබූ බවයි .

නමුත් එය තායිලන්තයේ විශේෂ ඉල්ලීම හේතුවෙන් දෙසැම්බර් 22 දක්වා කල් දමා ඇති බව වාර්තා වේ.

Google සමාගම Gemini හරහා තවත් පිම්මක් - සිංහල භාවිතා කරන අයට සුබ පණිවිඩයක් මෙන්න

Google සමාගම Gemini හරහා තවත් පිම්මක් - සිංහල භාවිතා කරන අයට සුබ පණිවිඩයක් මෙන්න