හදීසි ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ - හෙට මධ්‍යම රාත්‍රිය තෙක් ඉදිරි පැය 24 අවදානම්

Report

ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (03) 12.30 නිකුත් කර ඇති අතර එය හෙට (04) මධ්‍යම රාත්‍රී 12.30 දක්වා වලංගු වේ. ‍ඒ අනුව මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟඉහළ කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා මෙම නිවේදනය අදාළ වේ.

ලංකාවේ ඉදිරි පැය 36 මේකයි වෙන්න යන්නේ - මේ පැති වල ජනතාව දැනුවත් වෙන්න

ලංකාවේ ඉදිරි පැය 36 මේකයි වෙන්න යන්නේ - මේ පැති වල ජනතාව දැනුවත් වෙන්න

එබැවින් එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව සහ පහත් බිම්වල පදිංචි මහජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා ඇත.

එසේම මේ සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ ආපදා කළමනාකරණ අංශවලින්ද ඉල්ලීමක් කර තිබේ. ඉදිරි කාලය තුළදී තවදුරටත් වැසි ඇතිවිය හැකි බැවින් මහජනතාව උපරිම ප්‍රවේශමකින් සහ දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර ඇත.