පිරිසක් අලෙවි කරන්න ගිය “මහා විනාශය” පොලීසිය හසුකරගනී

Indea Maha rastra
By Sithumi Jun 05, 2021 03:07 PM GMT
Report

ඉන්දියාවේ ඊසානදිග දිස්ත්‍රික්කය වන ජාර්කන්ඩ් හී ඇති බොකරෝ ප්‍රදේශයේ පොලීසිය විසින් කළ වැටලීමකදී ප්‍රබල විකරණශීලි මූලද්‍රව්‍යයක් වන යුරේනියම් විකිණීමට උත්සාහ කළ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ත්‍රස්ත විමර්ශන ඒකකය විසිනුත් විශේෂ විමර්ශනයක් ද මේ වනවිටත් ආරම්භ ඇති බවත් සඳහන් වෙනවා. 

පොලීසිය විසින් දිස්ත්‍රික්කය පුරාවටම කරපු විශේෂ මෙහෙයුම්වලදී යුරේනියම් කිලෝග්‍රෑම් 06ක ප්‍රමාණයක් සොයා ගන්නටත් සමත් වෙලා තිබෙනවා. ලෝකයේ න්‍යෂ්ටික අවි ඇතුළු න්‍යෂ්ටික බලය උත්පාදනය කිරීම් වැනි දේවල් සඳහා මෙම ප්‍රබල බලයකින් යුතු යුරේනියම් යොදා ගන්නා බවත් සඳහන්. 

මෙම සොයා ගත් යුරේනියම්වල සාම්පල් අධිකරණ විශේෂඥයින් වෙතද වැඩිදුර විමර්ශන සඳහා යවා තිබෙනවා. මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 07 දෙනාව දින 02ක් තිස්සේ ප්‍රශ්න කර තිබෙන අතර පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර බවයි පොලිසීය පවසන්නේ. 

දැනට සිදුවුණු විමර්ශනවලින් වාර්තා වන්නේ ජාර්කන්ඩ් හී වෙළෙඳසැල් හිමියෙක් ඇමෙරිකාවෙන් මෙම යුරේනියම් ගෙන්වා ගෙන තියෙන බවත් පසුව ඔහු විසින් මෙම යුරේනියම් පිරිසක් අතර බෙදාහැර තිබෙනවා. ඉන්දියාවේ මෙම යුරේනියම්වල වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි ගණනකට වඩා වැඩි බවයි. 

මීට පෙරත් ඉන්දියාවේ මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ පසුගිය මැයි මාසයේ දී ත්‍රස්ත විරෝධී බලකාය විසින් සිදුකළ මෙහෙයුමකින් මෙවැනි ආකාරයේ යුරේනියම් ළඟ තබාගෙන සහ අලෙවි කර තිබු පුද්ගලයින් පිරිසක් යුරේනියම් කිලෝග්‍රෑම් 07ක් සමඟ අත්අඩංගුවට ගෙන තියෙනවා. 

මෙන්ම ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලින් මෙලෙසම යුරේනියම් ළඟ තබාගෙන අලෙවි කර තවත් බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන තියෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now