ජනතාවට බොරු කීමට පූර්ණ අයිතියක් තිබෙනවා..- මාලිමා මන්ත්‍රීනී කොට්ටච්චි.- (VIDEO)
ඕනෑම ඇත්තකදි වුවත් එය බොරුවක් කියා කීමටත් ඕනෑම බොරුවකදී වුවත් එය ඇත්තක් එයා කීමටත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටච්චි ප්‍රකාශ කරනවා.
ආයතනයක් හෝ ආණ්ඩුවක් හොඳ දෙයක් කරද්දී එහි නරක පැත්ත දැකීමටද ජනතාවට අයිතියක් ඇති බවත්, ඕනෑම නායකයෙක් සමාජයට දැඩිව බලපාන ආකාරයේ නරක දේවල් කරද්දිත් එය හොඳයි කියා කීමටත් අයිතියක් ඇති බවත් ඇය සඳහන් කරනවා.
එමෙන්ම එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ආණ්ඩුවක් ලෙස කිසි දිනක වැට නොබඳින බවද ඇය කියා සිටියා.
ඒ, කළුතර ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින්.
කෙසේ වෙතත් ඕනෑම දෙයක ප්‍රතිඵල දැකීමට කාලයක් ගතවන බවත්, යමක් විවේචනය කිරීමට පෙර එහි ප්‍රතිඵල එනතුරු බලා සිටීම වඩා සුදුසු බවත් ඇය ,මෙහිදී පැවසුවා.
නමුත් ජනාධිපති අනුර දිසානායක ජනාධිපති ධුරයට ගෙන ඒමටම තම පාක්ෂිකයන් කිසි විටෙක බොරු නොකී බවත් පැවසූ ඇය එවන් අවශ්‍යතාවයක් මතු නොවූ බවත් මෙම ජනහමුව අමතමින් ඇය වැඩිදුරටත් කියා සිටියා.