වාහන වලින් යන අයට PCR

covid19 isolated pcr test quarantine arjuna de silva
By Sewvandhi Jun 05, 2021 09:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දැඩි සංචරණ සීමා පනවා ඇති කාල සීමාවේ රථවාහනවලින් ගමන් කරන පුද්ගලයන් කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා රජයට යෝජනා කරයි.

එමගින් සංචරන සීමා පාලනය කිරීමට බොහෝ දුරට හැකිවනු ඇතැයි ඔහු පැවසීය. එමෙන්ම කොරෝනා ආසාදිතයන් ද හඳුනා ගැනීමට වැඩි අවස්ථාවක් සැලසෙන බව ඔහුගේ අදහසයි.

සංචරණ සීමා පැනවීමෙන් වැඩිම ප්‍රයෝජන ලබාගැනීමට නම් උපරිම වශයෙන් කොරෝනා පරීක්ෂණ සිදු කළ යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now