ඇඹිලිපිටිය ජනතාව මුළු රටටම දුන් ආදර්ශය මෙන්න.(PHOTOS)

Covid Hospital Embilipitiya PCR mashing Sobitha Himi
By Aruna Jun 02, 2021 09:25 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාව පුරා මේ වනවිට කොවිඩ් -19 වසංගතයක් ලෙස පැතිර ගොස් තිබේ.

රෝගීන් සෑම පළාතකින් ම හමුවෙයි.

ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් ද කොරෝනා රෝගීන් හමුවීමට පටන්ගත් අතර එහි දිස්ත්‍රික් රෝහලට එම රෝගීන් හඳුනාගැනීමට අවශ්‍ය PCR යන්ත්‍රයක් නොතිබීම විශාල ගැටලුවක් විය.

රජය ඊට මැදිහත්වීමට පෙර ඇඹිලිපිටියේ ප්‍රදේශවාසීන් තීරණයක් ගත්තේය.

තම රෝහලට අවශ්‍ය PCR යන්ත්‍රය මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් රැස් කිරීමට ඔවුන් තීරණය කළේය.

ඒ සඳහා අරමුදලක් ද පිහිටුවනු ලැබීය.

රුපියල් ලක්ෂ 70ක මුදලක් ඉලක්කකර ආරම්භ කළ අරමුදල දින හයක් තුළ අවසන් කළ අතර අරමුදලට එකතුවූ මුදල රුපියල් කෝටිය ඉක්මවා ගියේය.

එම මුදලින් මිලදීගත් PCR යන්ත්‍රය අද නිල වශයෙන් රෝහලට බාර දෙනු ලැබීය. ඒ වෙනුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය නොවීමද, කිසිදු ආරාධිතයෙකු සහභාගී නොවිමද විශේෂත්වයක් විය.

PCR පරික්ෂණ පැවැත්වීම සඳහා නව රසායනාගාරයක්ද එම අරමුදලෙන් ඉදිකෙරෙන අකර එහි කටයුතුද මේ වනවිට අවසන් වෙමින් පවතී.

PCR යන්ත්‍රය මිලදී ගැනීමෙන් පසු ඉතිරිවන මුදලින් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍යවන උපකරණ කිහිපයක්ද මිලදී ගැනීමට කටයුතු සූදානම්කර තිබේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now  


GalleryGalleryGalleryGallery