අහුංගල්ලේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

By Aylin Zoya Oct 04, 2026 04:02 AM GMT
Report

අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර අද (04) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ගල්වෙහෙර, අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම සඳහා පිස්තෝලයක් භාවිත කර ඇති බවට පොලීසිය සැක පළ කරන අතර, නිවසේ ජනේලයක් තුළින් ගිනි අවිය යොමු කර වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට දැනට සිදුකරන විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිනවා.

අද ලග්න 12ටම මොකද වෙන්නේ? ඔක්තෝබර් 04 ලග්න පලාපල මෙන්න

අද ලග්න 12ටම මොකද වෙන්නේ? ඔක්තෝබර් 04 ලග්න පලාපල මෙන්න