අපට මේ රට බේරගන්න පුළුවන් ? (VIDEO)

covid19 vaccination kaluthara quarantine rules Pavithra Vanniarachchi
By Sewvandhi Jun 23, 2021 11:05 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් පාලනය සඳහා පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබාදීමට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය. කළුතර රෝහලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමින් අමාත්‍යවරිය එම අදහස් පළ කළාය.

එලෙස දැඩි දඬුවම් ලබානොදෙන්නේ නම් රට බේරාගැනීම අසීරු වන බවත් පැවසු අමාත්‍යවරිය, ඉදිරියේ දි පොලීසිය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව ඒ සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද පැවසුවාය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය,

“ෂොපින් මෝල් අරින්න බෑ කිව්වහම අරින්න බෑ. එහෙම කරනවා නම් ඉදිරියේ දී අපි ඉතා තදින් සෞඛ්‍ය අමාත්‍යාංශය හා පොලීසිය එකතුවෙලා කටයුතු කරනවා. අපට මේ රට බේරගන්න පුළුවන්. මේ රෝගය මර්දනය කරනවා කියන එක කරන්න පුළුවන් කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. පළමු කොවිඩ් රැල්ලේ දී අපිට ඒක කරගන්න පුළුවන් වුණා. දෙවැනි රැල්ලේ දී කොවිඩ් රෝගය මර්දනය කරගන්න පුළුවන් වුණා. තුන්වෙනි රැල්ලත් මර්දනය කර ගන්නවා කියන එක අපහසු කාර්යක් නෙමෙයි. ඒ සඳහා අපි නීති පනවලා තියෙනවා. ඒ නීති රටේ ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම වෙන්නේ නැත්නම් ඒ සඳහා නීතිමය මාර්ගයෙන් රු 5000ට දාලා තියෙන දඩය රු 50,000ක් හරි කරලා ගැසට් එකක් ගහලා මේ රෝගය මර්දනය කර ගැනීම සඳහා අපි වැඩකරමු.“


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now