බෙහෙත් ඖෂධයක් නොමැති වීමෙන් රෝගීන් දැඩි අපහසුතාවයක..
Covid
Healthy
Health ministry
Pawiththra Wanniarachchi
By Aruna
‘තයිරොක්සින්’ නමැති ඖෂධය දිවයින පුරා ෆාමසිවල නොමැති වීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට ලක්ව තිබේ.
‘තයිරොයිඩ් ග්‍රන්ථිය’ ඉවත් කළ රෝගීන් සඳහා ලබාදෙන මෙම ඖෂධය අවශ්‍ය තරම් වෙළෙඳපොළට නිකුත් කළ ද සංචරණ සීමා හේතුවෙන් රෝගීන් වැඩි ප්‍රමාණයක් ලබාගැනීමෙන් මෙම හිඟය නිර්මාණය වී ඇති බව පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් 43 තුළ තයිරොක්සින් ඖෂධ ප්‍රමාණවත් තරම් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රෝහල්වල සායනික කටයුතු සඳහා පැමිණෙන රෝගීන්ට ලබාදීම සඳහා ද මෙම ඖෂධ මාස හයකට ප්‍රමාණවත් තොගයක් තිබේ.
ඖෂධ පෙති මිලියන 50ක් පමණ වෛද්‍ය සැපයුම් අංශය සතුව ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |