උඩුගුවනේදී යානයේ හදිසි දොරක් විවෘත කරන්න ගිය මගියාට ගුවන් යානය තුළ සිදු වූ දේ. - (VIDEO)

By Wayomi Nov 07, 2024 05:51 AM GMT
Report

පැනමාහි කෝපා එයාර්ලයින්ස් ගුවන් යානයේ හදිසි දොර විවෘත කිරීමට උත්සාහ කළ ගුවන් මගියෙකුට එම ගුවන් යානයේ සිටි සෙසු මගීන් විසින් පහර දී තිබෙනවා.

පසුගියදා බ්‍රසීලයේ සිට පැනමාව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදී මෙම සිදුවීම සිදුව තිබෙන බවටයි වාර්තා වෙන්නේ.

ගුවන් යානය ගොඩබැස්වීමට මිනිත්තු 30කට පමණ පෙර මෙම පුද්ගලයා ආහාර බන්දේසියේ තිබූ ප්ලාස්ටික් පිහියක් රැගෙන ගුවන් යානයේ පිටුපසට දිව ගොස් දොර විවෘත කිරීමේ අරමුණින් ගුවන් සේවිකාවක් ප්‍රාණ ඇපයට ගැනීමට උත්සාහ කර ඇත.

ජනපති අනුර උපයනවිට බද්ද සංශෝධනය කරයි. - . අඩු වැටුපක් සහ වැඩි වැටුපක් ලබන අයට ඉන් සහන ලැබෙන්නේ මෙහෙමයි.

ජනපති අනුර උපයනවිට බද්ද සංශෝධනය කරයි. - . අඩු වැටුපක් සහ වැඩි වැටුපක් ලබන අයට ඉන් සහන ලැබෙන්නේ මෙහෙමයි.

එම පුද්ගලයාගේ ශක්තිය නිසා මුලදී ඔහුව පාලනය කිරීමට මගීන්ට අපහසු වී ඇති නමුත්, ඔහුට පහර දීමෙන් පසු ඔහුව පාලනය කිරීමට සෙසු මගීන් සමත් වී තිබෙනවා.

ඔහුට සිහිනැතිවෙනතුරු මගීන් විසින් පහර දී ඇති බව සඳහන්.

එමෙන්ම නිවේදනයක් නිකුත් කරමින් කෝපා එයාර්ලයින්ස් කියා සිටියේ, පැනමාවට ගොඩබෑමෙන් පසු ජාතික ආරක්ෂක කණ්ඩායම ගුවන් යානයට ඇතුළු වී මගියා ඉවත් කර අධිකරණ බලධාරීන් වෙත ගෙන ගිය බවයි.

2024 අ.පො.ස උසස් පෙළ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්. - දින දෙයි.

2024 අ.පො.ස උසස් පෙළ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්. - දින දෙයි.

ආයෙත් රන් මිලෙහි සීඝ්‍ර පහල බැසීමක්. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

ආයෙත් රන් මිලෙහි සීඝ්‍ර පහල බැසීමක්. - අඩු වූ නව මිල ගණන් මෙන්න.