පාර්ලිමේන්තුව අද රැස්වෙයි - LIVE

By Wasantha Aug 03, 2021 07:29 AM GMT
Report

අගෝස්තු මාසයට අදාළ පාර්ලිමේන්තු පළමුවැනි රැස්වීම් සතිය අද (03) ආරම්භ වුනා. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සඳහා වන වාර්ෂික වාර්තාව පිළිබඳ විවාදය අද පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

හෙට (04) ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත සහ සේවකයින්ගේ ජාතික අවම වේතනයට අදාළ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතය. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා විවාදයට ගන්නා බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණි. දැනට සමාජයේ කතාබහට ලක්වී ඇති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් ද අද පැවැත්වීමට නියමිත බව ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් පසුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ප්‍රකාශ කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now