අද පාර්ලිමේන්තුවේ හදිසි ඡන්දයකින් සිදු වූ දේ මෙන්න..තුන්දෙනෙක් කරපු දෙයක්.(LIVE/UPDATE)

Parliament of Sri Lanka Sri Lanka Parliament Dinesh Gunawardena Mahinda Yapa Abeywardena
By Aruna Dec 02, 2023 04:40 AM GMT
Aruna

Aruna

Report

Update

වරප්‍රසාද කමිටු නිර්දේශ මත, රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර ට අද සිට මාසයක් පාර්ලිමේන්තුව අත්හිටුවීමට අදාළ යෝජනාව ස්ථිර කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ දී හදිසි ඡන්දයක් පැවැත්වුණා.

මෙම ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 57ක් ද, විපක්ෂව එක් ඡන්දයක් ද ලැබුණ අතර මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටීම ද විශේෂත්වයක්.

ඒ අනුව, යෝජනාව වැඩි ඡන්ද 56කින් සම්මත විය.

මේ හේතුවෙන් අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගනු ලැබීය.

....................................................

අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

වරප්‍රසාද කමිටු නිර්දේශ මත, රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාරට අද (02) සිට මාසයක් පාර්ලිමේන්තුව අත්හිටුවීමට අදාළ යෝජනාව සභානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මේ අතර, මෙම අත්හිටුවීමේ නිර්දේශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද(02) ඡන්දයක් පැවැත්වීමට නියමිතව බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු ආරංචිමාර්ග පැවසුවේ, අද පෙරවරුවේ පැවැත්වෙන ඡන්දයේදී මෙම නිර්දේශය ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් තීරණය කරනු ඇති බවයි.

පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව විසින්, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසයක කාලයකට පාර්ලිමේන්තුව අත්හිටුවිමටයි මේවනවිට නිර්දේශ ලබා දී ඇත්තේ. කෙසේවෙතත් ලබා දී ඇති එම නිර්දේශයට සමඟි ජනබලවේගය විරුද්ධ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද පාර්ලිමේන්තුවේ සජිවි විකාශය ඉහතින් නරඹන්න,