පාර්ලිමේන්තුවේ විශේෂ ඡන්දයක් - දෙවන වර කියවිමක් වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.. සම්පූර්ණ විස්තරය මෙතනින්..

Report

අද (09) පාර්ලිමේන්තුවේ දී ජාතික සමගිය සහ ප්‍රතිසංවිධානය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා ඡන්දයක් පැවැත්විණ.

පාර්ලිමේන්තුවේ විශේෂ ඡන්දයක් - දෙවන වර කියවිමක් වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.. සම්පූර්ණ විස්තරය මෙතනින්.. | Parliament Of Sri Lanka

එයට පක්ෂව ඡන්ද 48ක් සහ විරුද්ධව ඡන්ද 07ක් හිමි විය.

ඒ් අනුව නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වූ බවයි.

මේ අතර, සමගි ජන බලවේගයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා නයන වාසලතිලක මහතා පත්වනු ඇත.

ඒ මහතා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් මනාප 31,307ක් හිමි කරගෙන ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

එනම්, අද(09) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව දැනුම්දුන්නේය.

සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදුන් බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ සිදු වූ විශේෂ දේ මෙන්න.(VIDEO)

මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ සිදු වූ විශේෂ දේ මෙන්න.(VIDEO)

Sponsored By Sarrita Jewellery

පාර්ලිමේන්තුවේ විශේෂ ඡන්දයක් - දෙවන වර කියවිමක් වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.. සම්පූර්ණ විස්තරය මෙතනින්.. | Parliament Of Sri Lanka