විශේෂ ඉල්ලීමක් මත අද පාර්ලිමේන්තුව රැස්වෙයි

Report

හදිසි ආපදාවලින් අඩාලවූ ජන ජිවිත යාථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් අද(18) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අද පාර්ලිමේන්තුව කැඳවා ඇත්තේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ විශේෂ ඉල්ලීමක් මතයි. ඒ අනුව අද පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත.

එහිදී පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, රජයේ මුදල් පිළිබද කාරක සභාවට යොමු කිරීමට නියමිත බව සඳහන්.

සල්ලි පොදිගහගත්ත අයට වැඩ වරදින ලකුණු

සල්ලි පොදිගහගත්ත අයට වැඩ වරදින ලකුණු

ඉන්පසු අයහපත් කාලගුණයෙන් ඇති වු ව්‍යසනයෙන් පසු රටේ වර්තමාන තත්ත්වය පිළිබද කල් තැබීමේ විවාදය පැවැත් වීමට නියමිතයි.

එසේම හෙට දිනයේ ද පාර්ලිමේන්තුව රැස්විමට නියමිත අතර එහිදී රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේ විවාද කර අනුමත කර ගැනිමට නියමිතව තිබෙනවා.

ගංජා වැව්වා කියපු ඉඩම මාලිමා මන්ත්‍රීගේ නෙවේ ඒක නෑනාගේ - ඇත්ත කතාව එළියට

ගංජා වැව්වා කියපු ඉඩම මාලිමා මන්ත්‍රීගේ නෙවේ ඒක නෑනාගේ - ඇත්ත කතාව එළියට

අද පාසල් යන හැමෝටම විශේෂ දැනුවත්කිරීමක් - ආයෙත් නිවාඩු ගොඩක්

අද පාසල් යන හැමෝටම විශේෂ දැනුවත්කිරීමක් - ආයෙත් නිවාඩු ගොඩක්