රනිල් ගෙන ආ සංශෝධනය ප්‍රතික්ෂේප වෙයි...පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්.(Live)

Parliament Udaya gammanpila Ranil wickramasinghe Maithreepala sirisena
By Aruna Jul 20, 2021 07:36 AM GMT
Report

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සියලු අමාත්‍යවරුන්ට එරෙහිව ඉදිරිපත් කරන්නක් ලෙස සංශෝධනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම යෝජනාව ඊයේ (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නමුත් එය සංශෝධනය සමගි ජන බලවේගය පිළිනොගත් බැවින් උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඊයේ දිනයේ දී ද විවාදයට ගැනුණි.

ඒ අනුව අදාළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ දෙවන දින විවාදය අද (20) පැවැත්වේ.

පසුගියදා ඉන්ධන මිල ඉහළදැමීමට විරෝධය පළකරමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 43දෙනෙකුගේ අත්සනින් යුතුව එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්කර තිබේ.

එය ජුනි මස 26 වනදා කථානායකවරයා වෙත භාරදෙනු ලැබීය. මේ අතර මේ වන විට පොහොර ප්‍රශ්ණයක් සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේ උණුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now