ඉතා වැදගත් පනත් 04ක් පාර්ලිමේන්තුවට..සජීවී විකාශනය(LIVE)
Parliament
Political
Sajith premadasa
Mahinda Rajapakshe
Dinesh gunawardhana
By Aruna
මේ සතියේදී ඉතා වැදගත් පනත් කෙටුම්පත් හතරක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිත බව සභානායක විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
ඒ අනුව;
01. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත
02. වයස අවුරුදු 18 ඉක්මවූ තැනැත්තන්ට කඩිනමින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදීම සංශෝධිත පනත් කෙටුම්පත්
03. අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත්
04. වධදිමට හා අනෙකුත් කෘෘර අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඬුවම්වලට එරෙහිව සම්මුතිය පනත් කෙටුම්පත
යන කෙටුම්පත් මේ සතියේදී සම්මත කර ගැනීමට නියමිත බවයි දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ.
ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තුවේ පොහොර ගැටලුව පිළිබඳව මහින්දානන්ද අමාත්‍යවරයා අදහස් දක්වමින් පවතී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |