පැළවත්තේ සම්බන්ධයෙන් නවතම තොරතුරු රැසක් එළියට

Crime Branch Criminal Investigation Department Crime
By Sithumi මාස 1 කට පෙර
Sithumi

Sithumi

Report

පැලවත්තේ නිවසක් තුළ කෝටිපති ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුව අද (07) වැල්ලවත්ත වෙරළ තීරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

එම ව්‍යාපාරිකයාගෙන් සොරකම් කෙරුණු ජංගම දුරකතනය සොයාගැනීම සඳහා මෙලෙස ගොස් තිබෙනවා.

සැකකරුවන්ගේ ප්‍රකාශ මත ව්‍යාපාරිකයාට පහරදීම සඳහා යොදාගත් පොල්ලක් අදාළ නිවස තුළ තිබී සොයාගෙන තිබෙන අතර පැලවත්තේ නිවසක පිහිනුම් තටාකයක අබිරහස් ලෙස ඝාතනයට ලක්වූ කෝටිපති නිමිඇඳුම් ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර යුවළ පෙබරවාරි 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල ප්‍රධාන මහෙස්ත්‍රාත් චානිමා විජේසුන්දර මහත්මිය අද නියම කළා.

ඝාතනයෙන් පසු සැකකරුවන් ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරමින් විවිධ ස්ථානවලින් භාණ්ඩ මිලදී ගන්නා ආකාරය දැක්වෙන CCTV දර්ශන ද මේ වනවිට පොලීසිය සොයාගෙන තිබෙනවා.