සුපිරි 04 දෙනාගේ පළමු ජය හිමි කරගත් පකිස්ථානය ප්‍රීතිය සමරයි. (PHOTOS)

Cricket Pakistan Pakistan national cricket team
By krishani Sep 06, 2023 04:58 PM GMT
krishani

krishani

Report

අද (06) ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් හතර දෙනාගේ තරග වටය ආරම්භ විය.

ඒ පාකිස්ථානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේ දී ය.

ඒ අනුව සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගය ලෙස පාකිස්ථානය සහ බංග්ලාදේශය අතර තරග වැදුණේ ය.

තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ නායක Shakib Al Hasan විසින් දිනාගනු ලැබීය.

ඒ අනුව ඔහු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර බංග්ලාදේශ කණ්ඩායම පන්දු ඕවර 38 යි පන්දු 4 සියළු දෙනාම දැවී ලකුණු 193 ක් ලබා ගත්තේ ය.

එහිදී පළමුව පන්දුවට පහර දීම සදහා පිටියට පිවිසි Mehedi hasa Miraz ට ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට පාකිස්ථාන පන්දු යවන්නන් සමත් විය.

අද තරගය ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායමට ලැබුණු ඉල්කකය ලකුණු 194 ක් විය.

පාකිස්ථාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස Fakhar Zaman ලකුණු 20 ක් ලබා සිටිය දී 9 වන පන්දු ඕවරයේ දී ක්‍රීඩා පිටියට හරවා යවන්නට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් විය.

පාකිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 39 යි පන්දු 3 දී කඩුලු 03ක් දැවී ලකුණු 194 ක් ලබා ගත්තේ ය.

කෙසේ වෙතත්, ඒ අනුව 2023 ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් හතර දෙනාගේ තරග වටයේ පළමු තරගය කඩුලු 7කින් පාකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කිරිමට සමත් විය.

ඇෆ්ගනිස්තානයට සුපිරි හතරදෙනාගේ වටයට ඇතුලත් වීමට හැකියාව අවසාන මොහොතේ තිබිලා..කිසිම දැනුවත් කිරීමක් කළේ නෑ!..

ඇෆ්ගනිස්තානයට සුපිරි හතරදෙනාගේ වටයට ඇතුලත් වීමට හැකියාව අවසාන මොහොතේ තිබිලා..කිසිම දැනුවත් කිරීමක් කළේ නෑ!..


ඇෆ්ගනිස්ථානය පරදා සිංහයින්ට සුපිරි ජයක් - ශ්‍රී ලංකාව සුපිරි 04 දෙනාගේ වටයට.. (PHOTOS)

ඇෆ්ගනිස්ථානය පරදා සිංහයින්ට සුපිරි ජයක් - ශ්‍රී ලංකාව සුපිරි 04 දෙනාගේ වටයට.. (PHOTOS)


ලංකාවෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලැබුණු ඉලක්කය..

ලංකාවෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලැබුණු ඉලක්කය..


GalleryGalleryGalleryGalleryGallery
ReeCha