රන් පතලක් නායගොස් 100කට අධික පිරිසක් පණපිටින් වැළලෙයි

Report

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බටහිර ප්‍රදේශයේ රන් ආකරයක් නායයෑමකට ලක්ව කඩා වැටීමෙන් පුද්ගලයන් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කැමරූන් දේශසීමාව ආසන්නයේ Zamboye ප්‍රදේශයේ පිහිටි කුඩා පරිමාණ රන් ආකරයක මෙම අනතුර සිදුව ඇති අතර, තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ආකරයේ භූගත උමං කිහිපයක් කඩා වැටීමත් සමඟ නායයෑම සිදුවන්නට ඇති බවට බලධාරීන් සැක පළ කර තිබේ. අනතුරෙන් පසු තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවටද තොරතුරු වාර්තා වී ඇත.

ට්‍රම්ප් හෝමූස් අල්ලද්දී ඉරානය කැලිෆෝනියාව අල්ලයි

ට්‍රම්ප් හෝමූස් අල්ලද්දී ඉරානය කැලිෆෝනියාව අල්ලයි

ගලවා ගැනීමේ කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම්වල නිරතව සිටින අතර, ඒ හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ප්‍රාදේශීය නිලධාරීන් පවසයි.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මෙවැනි පතල් අනතුරු නිරන්තරයෙන් වාර්තා වන අතර, නිසි ආරක්ෂක පහසුකම් නොමැතිව සිදුකරන අනියම් කුඩා පරිමාණ පතල් කර්මාන්තය එවැනි අනතුරුවලට ප්‍රධාන හේතුවක් ලෙස සැලකේ.  

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල ගැන දැනුම්දීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල ගැන දැනුම්දීමක්