කිලිනොච්චියේ රහසිගත කැණීමක් - පුරාවස්තු සෙවූ බවට සැකපිට අටදෙනෙක් අත්අඩංගුවට
By Malith Madushan
කිලිනොච්චිය, භාරතීපුරම් ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ බවට සැකපිට පුද්ගලයින් අටදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කිලිනොච්චිය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 32ත් 58ත් අතර වන අතර, ඔවුන් මුන්දලම, උකුවෙල, දුම්මලසූරිය, පිළියන්දල, යාපනය, මාදම්පේ සහ කෙසෙල්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිලිනොච්චිය පොලීසිය විසින් සිදුකරමින් පවතී.