දැන් රථවාහන වැරදි කෙළින්ම පොලිසියට කියන්න පුළුවන් - මෙන්න වට්සැප් අංකය

Report

වාහන රියදුරන් විසින් සිදුකරන රථවාහන වැරදි පිළිබඳව පොලිසියට දැනුම්දීම සඳහා විශේෂ WhatsApp දුරකථන අංකයක් හඳුන්වාදී ඇති බව පොලිස් මාර්ග ආරක්ෂාව, රථවාහන හා පාලන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ අනතුරු වළක්වා ගැනීමේ අරමුණින් ආරම්භ කර ඇති මෙම වැඩපිළිවෙළ කාලීන අවශ්‍යතාවක් බවයි.

අධිවේගී මාර්ගවල පැයට කිලෝමීටර් 100ක පමණ වේගයෙන් ධාවනය වන වාහනවල රියදුරන් සහ මගීන්ගේ ආරක්ෂාව සඳහා ආසන බඳ පටි පැළඳීම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.

රියදුරු සහ ඉදිරිපස අසුනේ සිටින මගීන් පමණක් නොව, පසුපස අසුන්වල ගමන් කරන මගීන්ද ආසන බඳ පටි පැළඳීමෙන් අනතුරකදී සිදුවිය හැකි හානි අවම කරගත හැකි බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසීය.

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල ගැන දැනුම්දීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල ගැන දැනුම්දීමක්

මේ අතර, අධිවේගී මාර්ගවල සහ මහාමාර්ගවල ධාවනය වන වාහනවල රියදුරන් විසින් සිදුකරන රථවාහන වැරදි පිළිබඳව මහජනතාවට දැනුම්දීම සඳහා 070-4755600 යන WhatsApp අංකය හඳුන්වාදී තිබේ.

එම අංකය හරහා ලැබෙන පැමිණිලි සෘජුවම රථවාහන මූලස්ථානය වෙත යොමු කර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.

රථවාහන වැරදි සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා වැඩිදුරටත් පැවසීය. 

ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ ඉල්ලීමක් - හෙට 6.53 සිට වලංගුයි

ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ ඉල්ලීමක් - හෙට 6.53 සිට වලංගුයි

"සරණාගතයින්ට මව්බිමට එන්න පාර කියන නිල මඟපෙන්වීමක් ඕනෑ" - ශානක්‍යන්ගෙන් රජයට බලපෑමක්

"සරණාගතයින්ට මව්බිමට එන්න පාර කියන නිල මඟපෙන්වීමක් ඕනෑ" - ශානක්‍යන්ගෙන් රජයට බලපෑමක්