“විපක්ෂයට රිදිලා තියෙන්නේ නඩු වේගවත් වෙන හින්දා” - අධිකරණ ඇමති

Report

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂය විරෝධය පළ කරන්නේ නඩු කටයුතු වේගවත් වීම හේතුවෙන් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ඒ හේතුවෙන් විපක්ෂයේ විරෝධයට ආණ්ඩුව කිසිදු වැදගත්කමක් ලබා නොදෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක වගකීම් සහගත විපක්ෂයක් විසින් වැරදි කරුණු විවේචනය කරමින්, නිවැරදි කරුණු සඳහා සහාය දක්වමින් සාධනීය විවේචන ඉදිරිපත් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

ට්‍රම්ප් හෝමූස් අල්ලද්දී ඉරානය කැලිෆෝනියාව අල්ලයි

ට්‍රම්ප් හෝමූස් අල්ලද්දී ඉරානය කැලිෆෝනියාව අල්ලයි

කෙසේ වෙතත්, වත්මන් විපක්ෂය ආණ්ඩුව පෙරළීමේ අරමුණින් කටයුතු කරන බවට චෝදනා කළ අමාත්‍යවරයා, එම විරෝධය පිටුපස නඩු කටයුතු වේගවත් වීම සම්බන්ධයෙන් ඇති අවධානය ප්‍රධාන හේතුවක් බව පැවසීය.

විපක්ෂයේ ඇතැම් ක්‍රියාමාර්ග ජනතා සුබසාධනය වෙනුවෙන් නොව “සර්කස් එකක්” බවට පත්ව ඇති බවද හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

අධ්‍යාපන පද්ධතියම වෙනස් කරමින් සියලුම දරුවන්ට උපාධිය.. ඒ වෙනුවෙන් අදාළ විෂයන් ස්ථානගත විය යුතු ආකාරය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

අධ්‍යාපන පද්ධතියම වෙනස් කරමින් සියලුම දරුවන්ට උපාධිය.. ඒ වෙනුවෙන් අදාළ විෂයන් ස්ථානගත විය යුතු ආකාරය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

කෙසේ වෙතත්, විපක්ෂය විසින් කිසියම් සාධනීය කරුණක් ඉදිරිපත් කළහොත් එය සලකා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව සූදානම් බවද අමාත්‍යවරයා පැවසීය.

හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (19) කළුතර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අද දින ලග්න පලාපල - 2026 අගෝස්තු 20

අද දින ලග්න පලාපල - 2026 අගෝස්තු 20