කොළඹට ජනතාවට සුභ ආරංචියක් - ලෝක බැංකුවෙන් ණය අරන් කරන්න යන අලුත්ම වැඩේ මෙන්න

Report

කොළඹ - කොටුව ප්‍රදේශයේ ඇති ඓතිහාසික උරුමය සහ ගොඩනැගිලිවල සුන්දරත්වය ආරක්ෂා කරමින් ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර තිබේ.

ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ (19) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ලෝක බැංකු ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා බස්නාහිර පළාත් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහනගර සභාව ඒකාබද්ධව දායකත්වය ලබාදෙනු ඇත.

සුළු මොහොතකට පෙර හිටපු කැබිනට් අමාත්‍ය බිරිඳක් ගොඩනැගිල්ලකින් වැටී මරුට

සුළු මොහොතකට පෙර හිටපු කැබිනට් අමාත්‍ය බිරිඳක් ගොඩනැගිල්ලකින් වැටී මරුට

මෙම සංවර්ධන සැලැස්ම හරහා කොළඹ වරාය නගරය සහ වරායට පැමිණෙන සංචාරක නෞකා සමග සමීප සම්බන්ධතාවක් ගොඩනගමින් මෙරට ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා ගැනීම රජයේ අපේක්ෂාවයි.

සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ පවතින ඇළමාර්ග සංවර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා එහිදී අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

රාජ්‍ය සේවිකාවන්ගේ මාතෘ නිවාඩුවේ වෙනසක් - තුන්වෙනි දරු උපතේදීත් වසරක නිවාඩුවක් - අසල්වැසි රටින් අලුත් නීති

රාජ්‍ය සේවිකාවන්ගේ මාතෘ නිවාඩුවේ වෙනසක් - තුන්වෙනි දරු උපතේදීත් වසරක නිවාඩුවක් - අසල්වැසි රටින් අලුත් නීති