යුධ හමුදාපතිට ලැබුණු විශේෂ නියෝගය..!

Sri Lanka Army Ranil Wickremesinghe Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Nov 24, 2023 04:37 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (24) යුද හමුදාපතිවරයා වෙත, පාබල හමුදාවේ බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතා මේජර් ජනරාල් ධුරයට උසස් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළේය.

එමෙන්ම, අධිකරණ නියෝගයේ පෙත්සම්කාර බ්‍රිගේඩියර්වරයාට හිමිවිය යුතු හිඟ දීමනා සහ වැටුප් වර්ධක ලබාදීමට කටයුතු කරන ලෙසත් සඳහන් වුණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතා ගොනුකොට තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කළේය.

 පෙත්කම්කරු පවසන්නේ,තමන් මේජර් ජෙනරාල් ධුරයට උසස් වීම සඳහා සියලු සුදුසුකම් සපුරා තිබියදීත් පදනම් විරහිත චෝදනා එල්ල කරමින් එම ධුරයට උසස් කිරීම ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් නොකිරීමට හමුදාපතිවරයා කටයුතු කරමින් සිටින බවයි.

යුද හමුදාපතිවරයාගේ එම තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් තමන්ව උසස් කිරීම සඳහා නිර්දේශ කරන ලෙසත් ඉල්ලමින් පෙත්සම්කාර බ්‍රිගේඩියර්වරයා විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබුණි.

ReeCha