මාලිමාවට අන්ත පරාජයක්
බද්දේගම ප්‍රදේශයට අයත් තෙලිකඩ මාජුවාන විවිධ සේවා සමුපකාර සමිතියේ පැවැත්වුණු ඡන්ද විමසීමේදී විපක්ෂය ජයග්‍රහණය කර ඇත.
ඒ අනුව මෙම සමුපකාරයේ නව සභාපති ධුරයට පත්වූයේ ගාල්ල ගඟබඩපත්තුවේ යහලදුව කුඩා තේවතු හිමියන්ගේ සමිතියේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරන බුවනෙක නානායක්කාර මහතායි.
මෙම නිලවරණය සඳහා විපක්ෂය මඟින් අපේක්ෂකයන් හය දෙනෙකු ඉදිරිපත් කර තිබෙනවා.
එමෙන්ම ජාතික ජනබලවේග සහාය ලබන අපේක්ෂකයන් පස් දෙනෙකු ද තරගයට ඉදිරිපත් කර ඇත.
කෙසේ වෙතත් ඡන්ද ප්‍රතිඵල අනුව ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයන් හය දෙනාම ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත.
එසේම තරග කළ ජාතික ජනබලවේග සහාය ලබන කිසිදු අපේක්ෂකයෙකුට අවස්ථාවක් හිමිව නොවූ බව වාර්තා වුණා.
ඒ අනුව සමුපකාරයේ සියලු තේරීපත්වීම් විපක්ෂ කණ්ඩායම සතුව තිබෙනවා.