ආපදාවට ලක්වූ ශ්‍රී ලාංකික ජනයාට IMF සහය දෙයි
මෙරටට සුළි කුණාටුවේ බලපෑම නිසා ආපදාවට පත් වූ ජනතාව වෙනුවෙන් කණගාටුව පළ කරන බව IMF හි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජූලි කොසැක් මහත්මිය සදහන් කර තිබේ.
ඒ වගේම අධ්යක්ෂ ජූලි කොසැක් මහත්මිය සදහන් කළ ව්‍යසනයේ මානුෂීය, සමාජීය සහ ආර්ථික බලපෑම තක්සේරු කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්, සංවර්ධන හවුල්කරුවන් සහ අනෙකුත් නිළධාරීන් සමග සමීපව කටයුතු කරන බවයි.
ඒ වගේම තවදුරටත් විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණය සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා අඛණ්ඩව සහාය ලබාදෙන වග එතුමිය සදහන් කර තිබේ. එවගේම එතුමිය සදහන් කර තිබෙන්නේ IMF කාර්ය මණ්ඩලය මේ වනවිට ප්‍රතිසාධන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය වීම සඳහා විකල්ප සොයා බලමින් සිටින බවයි.
දෙසැම්බර් (15) වනදා IMF මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට අපේක්ෂාවෙන් සිටින බවත් තව දුරටත් අධ්යක්ෂ ජූලි කොසැක් මහත්මිය සදහන් කර ඇත.