ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස අකුරැස්සට

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමණාකරණ) ඉන්ජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා සදහන් කළ පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නිල්වලා ගඟ ආශ්‍රිතව අකුරැස්ස ප්‍රදේශයට ඇදහැලී ඇති බවයි.

ඒ අනුව අද (5) පෙරවරුවේ නිවේදනයක් නිකුත්කරමින් , මී.මී. 125කට ආසන්න වැස්සක් එම ප්‍රදේශයට ඇදහැලී තිබෙන බව   ඔහු පවසා සිටියේය .

නමුත් එතුමා සදහන් කළේ අනෙකුත් බොහෝ ප්‍රදේශවලට සාමාන්‍ය වර්ෂාපතනයක් ඇදහැළුණු බවයි.

ගංගාවල ජල මට්ටමේද ලොකු වැඩිවීමක් නොපෙන්වන බවත් ඒ අනුව අනෙකුත් ප්‍රදේශවලට වර්ෂාව නොමැතිවීම තුළ ගංගාවල ජල මට්ටම් වැඩිවීමක් නොමැති බව  එතුමා ප්‍රකාශ කර තිබේ.

තවද වැව් පද්ධතියේ අනතුරුදායක වාන් දමන තත්ත්වයක් නොමැති බව සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ වගේම බොහෝ වැව් වාන් මට්ටමේ හෝ සාමාන්‍ය ප්‍රමාණයකින් වාන් දමමින් තිබෙන බවත් ඒ අනුව හේතුවෙන් ඉදිරියේ දී වර්ෂාව ලැබීම අනුව ඒ ඒ ගංගාවෙහි මිනුම් මධ්‍යස්ථානයන්හි දත්ත සලකාබලා ජනතාව දැනුම්වත් කරන බවත් එතුමා සදහන් කර තිබේ .

තව දුරටත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉන්ජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර සදහන් කළේ ජනතාවට කලබලවීමෙන් වළකින ලෙසත්, තවද විධිමත් නිවේදන හැර කටකතා සම්බන්ධයෙන් සැලකිලිමත්වන ලෙසයි.

ආපදා නිසා තවත් නරක ආරංචියක්

ආපදා නිසා තවත් නරක ආරංචියක්

අද මේ අය කේන්ති ගත්තොත් ඔක්කොම ඉවරයි ප්‍රවේශමෙන්

අද මේ අය කේන්ති ගත්තොත් ඔක්කොම ඉවරයි ප්‍රවේශමෙන්