කවුරුත් නොදන්න රාජපක්ෂ - සජිත් සම්බන්ධය - රාජපක්ෂ පවුලේ නඩු ගැන කියද්දී සජිත්ට රිදෙන හේතුව?

Report

රාජපක්ෂ පවුලේ පාලන සමය තුළ සිදුවූ දූෂණ වංචා සහ අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ ප්‍රකාශයන්ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දක්වන ප්‍රතිචාරය හාස්‍යජනක බව ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණ සඳහන් කරයි.

ඒ අනුව එම පෙරමුණේ සභාපති චමීර පෙරේරා මහතා මේ බව සඳහන් කර ඇත්තේ හැටන් නගරයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා සඳහන් කළේ, "පසුගිය මැයි දිනයේදී ජනාධිපතිවරයා විසින් අධිකරණ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය විපක්ෂය විසින් හිතාමතා විකෘති කරමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරනවා."

ඇතුළට යන්න පෝලිමේ ඉන්න ලෑස්ති වෙන්න - ප්‍රභූ පන්තිය කලබල වුණ රහස ලාල්කාන්ත හෙළි කරයි

ඇතුළට යන්න පෝලිමේ ඉන්න ලෑස්ති වෙන්න - ප්‍රභූ පන්තිය කලබල වුණ රහස ලාල්කාන්ත හෙළි කරයි

එසේම එහිදී රාජපක්ෂවරුන්ගේ නඩු පිළිබඳව කතා කරද්දී සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ හඬා වැටීම පුදුමයට කරුණක් බවත්, මෙසේ "බබාකරණය" වී ඇති විපක්ෂය දැනගත යුතු ප්‍රධානතම කරුණ වන්නේ මේ රටේ ජනතාව බබාලා නොවන බවත් අවධාරණය කළ යුතුයි යනුවෙන් සඳහන් කර ඇත.

එසේම, "​රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වංචා, දූෂණ, අතුරුදහන් කිරීම් සහ ඝාතන පිළිබඳව ජනතාවට තවමත් පැහැදිලි මතකයක් ඇත. විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි ම්ලේච්ඡ අපරාධ පිටුපස ඇති සත්‍යය අනාවරණය කර ගැනීම සමස්ත ජනතාවගේම අභිලාෂයයි.

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

එම යුක්තිය ඉටුකිරීම රජයේ මූලික වගකීමක් වනවා එය කිසිසේත්ම අධිකරණයට බලපෑම් කිරීමක් නොවේ. ​අතීතයේ මෙන් නඩු යටගැසීම, ඩීල් දැමීම හෝ අධිකරණ ක්‍රියාදාමය හිතාමතා ප්‍රමාද කිරීමේ දූෂිත සංස්කෘතිය තවදුරටත් ක්‍රියාත්මක නොවිය යුතු බව ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණ වශයෙන් අප අවධාරණය කරනවා.

එමෙන්ම ජනතාව ජාතික ජන බලවේගය වෙත ජනවරමක් ලබා දුන්නේ එවැනි වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දී රට තුළ යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම සඳහා බව පවසමින් චමීර පෙරේරා මහතා සිය අදහස් දැක්වීම අවසන් කර තිබුණා.

චිත්‍රපටිවල වගේම මහ ඇමති විජේ පළමු අත්සනින්ම වීරයෙක් වෙයි - තමිල්නාඩුවම සතුටු කඳුළු හෙලද්දි විදුලිය නොමිලේ දෙන්න නියෝගයක්

චිත්‍රපටිවල වගේම මහ ඇමති විජේ පළමු අත්සනින්ම වීරයෙක් වෙයි - තමිල්නාඩුවම සතුටු කඳුළු හෙලද්දි විදුලිය නොමිලේ දෙන්න නියෝගයක්