අඩු වයසෙන් මෙහෙකාර සේවයේ යෙදෙන ළමයි සොයා මෙහෙයුම්..

ajith rohana Weston province servant service minors operations
By Sewvandhi Jul 27, 2021 01:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ළමයින් මෙහෙකාර සේවයේ යොදවන ස්ථාන සොයා, බස්නාහිර පළාත තුල විශේෂ මෙහෙයුමක් අද (27) දිනයේ සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

නියමිත වයස සම්පූර්ණ වීමට පෙර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති පුද්ගලයින් සහ කණ්ඩායම් සොයා නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ (26) දිනයේදී පුද්ගලයින් 123 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 52,227 දෙනෙකු නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් පුද්ගලයින් 48,000කට පමණ මේ වනවිට නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now