online පන්තියකට හදිසියේම ඇතිවූ බඹර ප්‍රහාරයකින් සිසුන් රෝහලේ

Sri lanka edu online education educatision
By Sithumi Jul 18, 2021 12:16 PM GMT
Sithumi

Sithumi

Report

මුලතිව් පුදුකුඩිඉරිප්පු විශ්වමඩු ප්‍රදේශයේ පැවති ඔන්ලයින් පංතියකට සහභාගී වූ සිසු දරුවන් 24 දෙනෙකුට පිරිසකට ඹඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඊයේ (17) දින රෝහලගත කරනු ලැබීය.

විශ්වමඩු භාරතී මහා විද්‍යාලයේ සිසුදරුවන පිරිසක් මෙලෙස ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය හදාරමින් සිටියදී අසල තිබූ ඹඹර ගෝඨයක් සුලඟට කඩාවැටීමෙන් මෙම ඹඹර ප්‍රහාරයට ලක් වී ඇත.

එහිදී ඹඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහලට රැගෙන ගිය සිසු දරුවන් 24 දෙනාගෙන් 16 දෙනෙකු රෝහලෙන් ප්‍රතිකාර ලබා නිවෙස් වෙතට ගොස් ඇති අතර තවත් 08 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙලෙස ඹමර ප්‍රහාරයට ලක්ව ඇත්තේ සිසුන් 05 දෙනෙකු සහ ශිෂ්‍යාවන් 19 දෙනෙකු වන අතර අදාල ඹඹර ගෝඨය ඉවත් කිරීමට ප්‍රදේශවාසීන් විසින් පියවර ගෙන ඇත.

You may like this video?