ඉන්ටර්නෙට් නැති දරුවන් ගැන අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණය
පාසල් අධ්‍යාපන කටයුතු මාර්ගගත, දූරස්ථ ක්‍රම මගින් සිදු කර ගැනීමට විවිධ හේතු සාධක මත ඉන්ටර්නෙට් පහසුකම් ලබා ගැනීමට නොහැකි සිසුන් වෙනුවෙන් 'ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන' පිහිටුවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (ජූනි 21) නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ය. ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යංශය මගින් ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරන ලෙස පසුගිය 17 වන දා සියලු ම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දී ඇතැයි ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ ය.
එමෙන් ම, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව කුඩා කණ්ඩායම් වශයෙන් රැස්වීම් මධ්‍යස්ථාන ග්‍රාමීය වශයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් එම මධ්‍යස්ථාන හඳුනා ගැනීම මේ වනවිට සිදුවෙමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.
අදාළ මධ්‍යස්ථාන උදෑසන 7.00 සිට ප.ව. 3.00 දක්වා විවෘත කිරීමට නියමිත බවත් මධ්‍යස්ථානයක්ට පරිගණක, ලැප්‍ටොප් පරිගණක සහ ටැබ් 10කින්වත් සමන්විත විය යුතු බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
