කඳු පාමුල බස් නැවතුමක ඔන්ලයින් පන්තිය

hatton online class maskeliya noten brige hathare kanuva
By Sewvandhi Jun 17, 2021 01:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හැටන් නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයේ සිංහල සහ දමිල පාසල් වල සිසු සිසුවියන් පිරිසක් නෝටන්බ්‍රිජ් සප්ත කන්‍යා පාමුල පිහිටි බස් නැවතුම්පොලක පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ වුවද ඔන්ලයින් පන්ති සදහා සහභාගි වි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයට අන්තර්ජාල දුරකථන සංඥා නොමැති නිසා නෝටන්බ්‍රිජ් සහ මස්කෙලිය හපුගස්තලාව ප්‍රදේශයේ පාසල් සිසුන් පදිංචි නිවාස වල සිට විශාල දුරකින් පිහිටි සප්ත කන්‍යා කන්ද පාමුල පිහිටි බස් නැවතුම්පොලට පැමිණිමට සිදු වි ඇත.

සප්ත කන්‍යා පාමුල පිහිට හතරේ කණුව ප්‍රදේශයේ නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගය මයිම පිහිටි බස් නැවතුම්පොලට මස්කෙලිය හපුගස්තලාව, නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයේ සිංහල සහ දමිල පාසල් වල සිසු සිසුවියන් දිනපතා ඔන්ලයින් පන්ති පැවැත්වෙන වේලාවන් වලට තම දෙමව්පියන් සමග බස් නැවතුම්පොල වෙත පැමිණෙමින් සිටියි.

නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයටම අන්තර්ජාල දුරකථන සංඥා ඉතා අඩුවෙන් වුවද පවතින්නේ සප්ත කන්‍යා කන්ද පාමුල පිහිටි බස් නැවතුම්පොල පිහිටි ස්ථානයේ පමණක් බවත්,පවත්නා තත්ත්වය මත තම දරුවන් ඔන්ලයින් පන්ති සදහා දැඩි දුෂ්කරතා මැද්දේ සහභාගි වන බවයි එම සිසු සිසුවියන්ගේ දෙමව්පියන් කියා සිටින්නේ.

නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයට කිසිදු දුරකථන ජාලාවල අන්තර්ජාල සංඥා සම්බන්ධතා නොමැති බවත්, නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයට අන්තර්ජාල සංඥා සහිත කුළුණක් සවි කරදෙන මෙන් ඔන්ලයින් පන්ති වලට සහභාගි වන සිසු සිසුවියන් සහ දෙමව්පියන් අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha