එකට මත්පැන් පානය කර කෙනෙක් අනෙකාට පොල්ලෙන් පහරදී ඝාතනය කළ භයානක සිදුවීම...
Kalutara
Sri Lanka
Death
By Sithumi
එකට මත්පැන් පානය කරන අතරතුර දෙදෙනා අතර පැවැති රහස් ප්‍රේම සබඳතාවයක් මියගිය පුද්ගලයා හෙළි කිරීම නිසා මෙම ඝාතනය සිදුවී ඇති අතර , කෙනෙක් අනිකාට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව කළුතර උතුර පොලිසිය පවසනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර උතුර, මහ වස්කඩුව කන්ද පන්සල පාරේ පදිංචිව සිටී රේමන් ජයතිස්ස නැමැති 67 තිදරු පියෙකු බව පොලිසිය කීය.
පහරදීම සිදුකල බව කියන එම ප්‍රදේශයේම සැකකරු අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් පොල්ල භාරයට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
